AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් ඔස්සේ ඉන්දු ලංකා සබඳතා වැඩි දියුණු කිරීමට සැලසුම්

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමක් ආමන්ත්‍රණය කරමිනුයි මහකොමසාරිස්වරයා මේබව සඳහන් කළේ.

ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ
දෙරට අතර සබඳතා තරකර ගැනීමේ වැදගත්කම පිළිබදව පෙන්වා දුන් කථානායකවරයා ඉන්දියාව ලබාදෙන සහය පිළිබද සිය කෘතවේදීත්වය පළ කළා.

මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා වීඩියෝ පණිවුඩයක් මගින් දැනුම් දුන්නේ මෙරට සංවර්ධන කටයුතු සදහා ඉන්දියාව තවදුරටත් සහය දක්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?