ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් ඔස්සේ ඉන්දු ලංකා සබඳතා වැඩි දියුණු කිරීමට සැලසුම්

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමක් ආමන්ත්‍රණය කරමිනුයි මහකොමසාරිස්වරයා මේබව සඳහන් කළේ.

ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඔස්සේ
දෙරට අතර සබඳතා තරකර ගැනීමේ වැදගත්කම පිළිබදව පෙන්වා දුන් කථානායකවරයා ඉන්දියාව ලබාදෙන සහය පිළිබද සිය කෘතවේදීත්වය පළ කළා.

මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා වීඩියෝ පණිවුඩයක් මගින් දැනුම් දුන්නේ මෙරට සංවර්ධන කටයුතු සදහා ඉන්දියාව තවදුරටත් සහය දක්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39