ප්‍රදේශ රැසක සිදු වූ හොරකම්වලට අවශ්‍යව කර සිටි අයෙක් අල්ලයි

සොරකම් රැසකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙක් ගල්කිස්ස ට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව දේපළ සොරකමට සැකපිට මොරටුව පොලිස් වසමේ කුරුස හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (10) රන් මාලයක් සහ පසුම්බියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල දී ඔහු සන්තකයේ තිබූ රන් මාලය හා පසුම්බිය මොරටුව පොලිස් වසමේදී සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මොහු පිළියන්දල, පෑලියගොඩ, මහබාගේ, නාරාහේන්පිට සහ වැලිකඩ යන පොලිස් වසම්වල සිදු කරන ලද සොරකම් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් සොරාගන්නා ලද කරාඹු ජෝඩුවක්, අත් පළඳනාවක්, මුදු දෙකක්, රන්මාලයක්, ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 30ක් බර රන් කැබලි 04 ක්,අත් ඔරලෝසු 03ක් සහ රුපියල් 7000ක මුදලක් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?