ප්‍රදේශ බොහෝමයක නායයෑම් පූර්ව ලක්ෂණ – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03කට රතු නිවේදන

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 02ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03කට අදාළව නිකුත් කර තිබූ තිබූ නායයෑම් ඉවත්වීමේ රතු
නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.

මේ වන විට බොහෝ ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ඉවත්වීමේ රතු නිවේදන මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අවදානයෙන් සිටිය යුතු අනතුරු ඇඟවීමේ 02 වන මට්ටමේ අනතුරු ඇගවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මතුරට යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබෙනවා.

විමසිලිමත්ව සිටිය යුතු පළමු මට්ටමේ අනතුරු ඇගවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ⁠හාළිඇළ, ⁠පස්සර, ⁠ලුණුගල, ⁠වැලිමඩ, මීගහකිවුල යන ප්‍රදේශ සඳහාත් මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව⁠, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල සඳහාත් නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?