ප්‍රදේශ බොහෝමයක නායයෑම් පූර්ව ලක්ෂණ – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03කට රතු නිවේදන

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 02ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03කට අදාළව නිකුත් කර තිබූ තිබූ නායයෑම් ඉවත්වීමේ රතු
නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.

මේ වන විට බොහෝ ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ඉවත්වීමේ රතු නිවේදන මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අවදානයෙන් සිටිය යුතු අනතුරු ඇඟවීමේ 02 වන මට්ටමේ අනතුරු ඇගවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මතුරට යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබෙනවා.

විමසිලිමත්ව සිටිය යුතු පළමු මට්ටමේ අනතුරු ඇගවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, ⁠හාළිඇළ, ⁠පස්සර, ⁠ලුණුගල, ⁠වැලිමඩ, මීගහකිවුල යන ප්‍රදේශ සඳහාත් මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව⁠, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල සඳහාත් නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39