ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ප්‍රදේශ කිහිපයකට ඇතිවිය හැකි තරමක තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද පස්වරු 3ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (14) පෙරවරු 8 සිට 15 වනදා පෙරවරු 8 දක්වා වලංගු වන ආකාරයෙන්.

ඒ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් මෙන්ම නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් සඳහායි.

එහි දැක්වෙන්නේ තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසි සහිත කාලගුණික තත්ත්වයේ වැඩිවීමක් හෙට (14) සිටි ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
3
+1
10
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15