ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(23) දින වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිතදෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 20-40 පමණ වේ.

කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?