ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා පැය 24ක කාලයක් සඳහායි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මෙම නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරන්නේ මෙම අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව අයහපත් කාලගුණික තත්වයන් පවතින අවස්ථාවන්වලදී අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාව පවතිනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 45ක පමණ තරමක් තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඝණ මීදුම් තත්ත්වයක් මතුවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාරගයේත්, ඒ ආශ්‍රිත අතුරු මාර්ගවලත් මෙම මීදුම් තත්ත්වය පවතින බවයි.

මේ හේතුවෙන් රථ වාහන ධාවනයේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙසට හැටන් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?