ප්‍රකාශයක් දෙන්න ආ මනුෂ නානායක්කාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?