ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
ජාතිය අමතමින් එම්මානුවෙල් මැක්‍රෝන් කියා සිටියේ පහළ මන්ත්‍රණ සභා මැතිවරණය ජුනි 30 වෙනිදා කැඳවන බවත් දෙවන වටයේ ඡන්ද විමසීම ජූලි 07 වන දින පවත්වන බවයි.
යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තම ප්‍රතිවාදියා වූ Marine Le Pen ගේ ජාතික රැළිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
Marine Le Pen ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය 32% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව සිටින බවත්, එය ජනාධිපතිවරයාගේ පක්ෂය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිශතයක් නිසාත් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පැරිස් ඔලිම්පික් උළෙලට පෙර ජූනි 30 සහ ජූලි 7 යන දිනවල වට දෙකකින් මැතිවරණය පැවැත්වෙන බවයි.
ප්‍රංශයේ යුරෝපා සංගම් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී, පැයකට පසු එලිසී මාලිගයේ සිට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.