ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ජාතිය අමතමින් එම්මානුවෙල් මැක්‍රෝන් කියා සිටියේ පහළ මන්ත්‍රණ සභා මැතිවරණය ජුනි 30 වෙනිදා කැඳවන බවත් දෙවන වටයේ ඡන්ද විමසීම ජූලි 07 වන දින පවත්වන බවයි.

යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තම ප්‍රතිවාදියා වූ Marine Le Pen ගේ ජාතික රැළිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Marine Le Pen ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය 32% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව සිටින බවත්, එය ජනාධිපතිවරයාගේ පක්ෂය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිශතයක් නිසාත් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පැරිස් ඔලිම්පික් උළෙලට පෙර ජූනි 30 සහ ජූලි 7 යන දිනවල වට දෙකකින් මැතිවරණය පැවැත්වෙන බවයි.

ප්‍රංශයේ යුරෝපා සංගම් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී, පැයකට පසු එලිසී මාලිගයේ සිට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රංශ ජනපති මැක්‍රොන් මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06