ප්‍රංශයේ නිවාඩු නිකේතනයක ගින්නකින් 11ක් ජීවිතක්ෂයට

නැඟෙනහිර ප්‍රංශයේ ආබාධ සහිත පුද්ගලයින් නවාතැන් ගන්නා නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු 11ක් සොයාගෙන තිබෙනවා.

ගින්නට නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් 80කට ආසන්න පිරිසක් යොදවා තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට ගින්න නිවා දමා ඇති නමුත් එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්න හටගත් අවස්ථාවේ පුද්ගලයන් 17 දෙනෙකු ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති අතර එක් අයෙකු රෝහල් ගත කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර ඇති අතර ඛේදවාචකයට හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් හදිසි සේවාවලට ස්තූති කර තිබෙනවා.

මළ සිරුරු වැඩි වශයෙන් හමුවී ඇත්තේ දෙවැනි මහලේ වන අතර ගින්න සමග එහි සිටි පුද්ගලයන්ට පිට වීමට නොහැකි වීම හේතුවෙන් එහි මියගිය පිරිස වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධිත පුද්ගලයින්ට උපකාර කරන වෙනම පුණ්‍යායතන දෙකක වැඩිහිටි කණ්ඩායම් දෙකක් විසින් මෙම ගොඩනැගිල්ල භාවිතා කරන බව පළාත් පාලන ආයතනය පවසනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4ක් සහ ගිනි නිවන භටයින් 80කට අසන්න පිරිසක් යොමු කෙරුණු අතර ගින්නේ ප්‍රබලත්වය නොතකා එය කඩිනමින් පාලනය කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

පිළිස්සී ගිය ගොඩනැගිල්ලේ සුන්බුන් සමීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගත් අතර, සෙවීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස සුනඛයන් ද යොදා ගෙන තිබෙනවා.

ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිද්ධිය වූ ස්ථානයට ම ගොස් සහන සේවකයින් සමඟ සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගොඩනැගිල්ල මහල් තුනක නිවාඩු නිකේතනයක් බවට පරිවර්තනය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් වන අතර ගිනි නිවන භටයින් පැවසුවේ ගින්න පාලනය කිරීමට පෙර ගොඩනැගිල්ලේ තුනෙන් දෙකක් ගිනිගෙන තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34