AFC Banner
AFC Banner
Empty Ad

පළාත් පාලන මැතිවරණය මැද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මන්නාරම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව දන්වමින් අදාළ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කළ ලිපියක් මේ මස 21 දක්වා ක්‍රියාත්මක වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අධිකරණය හමුවේ කියා තිබුණේ සිය නාමයෝජනා පත්‍රය භාරගෙන පසුව කිසිඳු හේතුවක් නොදන්වා එය ප්‍රතික්ෂේප කළ බව දන්වා අදාළ තේරීම්භාර නිලධාරියා විසින් ලිපියක් නිකුත් කළ බවයි.

අදාළ තේරීම් භාර නිලධාරීයාගේ මෙම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?