පළාත් පාලන ආයතන 339කට නාම යෝජනා භාරදී අවසන්

පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් ආයතන 339කට නාම යෝජනා භාරදී අවසන් බව මැතිවරණ කොමිසම පවසනවා.

නාම යෝජනා භාරදීම සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී තිබු කාලය අද දහවල් 12න් අවසන් වුණා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙක් ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගියදා ආරම්භ කෙරුණු අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව කල්මුණේ නගර සභාව සඳහා නාම යෝජනා භාර ගැනීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කොළඹ නගර සභාවේ පුරපති ධුර අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය ද අද නාම යෝජනා භාරදී තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා 6ක් ප්‍රතික්ෂේප වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර 2ක්ද ප්‍රතික්ෂේප වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා ප්‍රකාශ කළා.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාව සඳහා ජන සෙත පෙරමුණ ලබා දුන් නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩයමක් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රයක් එලෙස ප්‍රතික්ෂේප වූ බවයි තේරීම්භාර නිලධාරියා පැවසුවේ.

Election1
Election2
Election3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07