අද (05) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර දිවයිනේ බොහෝ පළාත්වල අද (05) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද දැනුම් දෙනවා.





