පළාත් කිහිපයකට අද දිනයේත් වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (11) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (11) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීටර් 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි දැනුම්දෙන්නේ .

මධ්‍යම, බස්නාහිර,මධ්‍යම දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.