පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ පරදියි

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (03) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 31කින් පාකිස්තාන කාන්තා කණ්ඩායම හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

තරගය රාත්‍රී 7.30ට සාජා හි දී ආරම්භ වූයේ කාසියේ වාසිය පාකිස්තානයට හිමිකර දෙමින්.

A කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම මීට පෙර තරග 20ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 10ක් පාකිස්තානයත් තරග 09ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබෙනවා.

එබැවින් ඊයේ පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් තීරණාත්මක වුව ද; කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායිකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

පාකිස්තාන කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වුව ද; ඔවුන් පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 116ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී උදේශිකා ප්‍රබෝධිනි, සුගන්ධිකා කුමාරි හා චමරි අතපත්තු කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

කවීෂා දිල්හාරට එක් කඩුල්ලයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 85ක් පමණක් රැස් කළේ පාකිස්තානයට ජයග්‍රහණය හිමිකර දෙමින්.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නිලක්ෂි සිල්වා යි.

කවදත් තරගයක ලකුණු අතරට ආ නායිකා චමරි, හර්ෂිතා සහ විෂ්මිට මෙවර සාර්ථක වන්නට නම් ඉඩ ලැබුණේ නැහැ.

විෂ්මි ගුණරත්න ලකුණු 20කටත්, චමරි ලකුණු 06කටත්, හර්ෂිතා ලකුණු 07කටත් දැවී ගියා.

ඒ අනුව A කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් පාකිස්තාන ජය වාර්තා කළා.

තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ නායිකා ෆාතිමා සනා විසින්.

ඇය ලකුණු 30ක් සහ කඩුලු 02ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට ඔස්ට්‍රෙලියාවට එරෙහිව පස්වරු 3.30ට පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40