පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්

චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයට අනුව, පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 31.9ක් පමණ වුණා.

එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයක් වන අතර, පසුගිය වසරේ හතරවන කාර්තුව හා සසඳන විට 1.2% ක වැඩි වීමක් බවයි චීන බලධාරීන් පවසන්නේ.

සමස්තයක් වශයෙන් විමසා බැලීමේදී, විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ඵලදායි ලෙස ක්‍රියාත්මක වීමත් සමග, පළමු කාර්තුවේ දී චීන ජාතික ආර්ථිකයට නිශ්චිතභාවයක් සහ යහපත් ආරම්භයක් ලැබී ඇති බව චීනය පවසනවා.

එමෙන්ම චීන ජාතික ආර්ථිකය යහපත් වීමේ ප්‍රවණතාව අඛණ්ඩ ව දැක ගත හැකි බවත්, නවෝත්පාදනයන්හි මූලිකත්වය හා කාර්යභාරය වැදගත් වෙමින් පවතින අතර, නව විභව ශක්තිය සඳහා සංවර්ධන කටයුතු ද වේගවත් වෙමින් පවතින බවත් චීන මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර චීන නි‍ශ්පාදනයන් සම්බන්ධයෙන් ඇමරිකාව තීරු බදු ඉහළ නැංවීම චීනයේ වෙළදාම හා ආර්ථිකයට කෙටි කාලීන වශයෙන් පීඩනයක් එල්ල කළ ද චීන ආර්ථිකයේ දිගු කාලීන ධනාත්මක මාවතට එමගින් බලපෑමක් එල්ල නොවන බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙන්ග් ලයි යුන් මහතා මාධ්‍ය හමුවක සඳහන් කළා.

ඇමරිකාව තීරු බදු බාධක පැනවීම හා වෙළඳ වංචනිකත්වයන් සිදු කිරීමට දැඩි ලෙස විරුද්ධ බවද ඔහු එහිදී අවධාරණය කළා.

චීන ආර්ථිකය ශක්තිමත් මූලධර්ම හා ප්‍රබල දරා ගැනීමේ හැකියාවෙන් යුතු වන අතර බාහිර අභියෝගයන්ට මුහුණ දී තම ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ විශ්වාසයෙන් හා හැකියාවෙන් ද පොහොසත් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම බාහිර පරිසරයේ මතුවන වෙනස්කම්වලට ප්‍රතිචාර වශයෙන් චීනය වර්ධනීය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇතැයි ද චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙන්ග් ලයි යුන් මහතා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?