පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්

චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයට අනුව, පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 31.9ක් පමණ වුණා.

එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයක් වන අතර, පසුගිය වසරේ හතරවන කාර්තුව හා සසඳන විට 1.2% ක වැඩි වීමක් බවයි චීන බලධාරීන් පවසන්නේ.

සමස්තයක් වශයෙන් විමසා බැලීමේදී, විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ඵලදායි ලෙස ක්‍රියාත්මක වීමත් සමග, පළමු කාර්තුවේ දී චීන ජාතික ආර්ථිකයට නිශ්චිතභාවයක් සහ යහපත් ආරම්භයක් ලැබී ඇති බව චීනය පවසනවා.

එමෙන්ම චීන ජාතික ආර්ථිකය යහපත් වීමේ ප්‍රවණතාව අඛණ්ඩ ව දැක ගත හැකි බවත්, නවෝත්පාදනයන්හි මූලිකත්වය හා කාර්යභාරය වැදගත් වෙමින් පවතින අතර, නව විභව ශක්තිය සඳහා සංවර්ධන කටයුතු ද වේගවත් වෙමින් පවතින බවත් චීන මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර චීන නි‍ශ්පාදනයන් සම්බන්ධයෙන් ඇමරිකාව තීරු බදු ඉහළ නැංවීම චීනයේ වෙළදාම හා ආර්ථිකයට කෙටි කාලීන වශයෙන් පීඩනයක් එල්ල කළ ද චීන ආර්ථිකයේ දිගු කාලීන ධනාත්මක මාවතට එමගින් බලපෑමක් එල්ල නොවන බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙන්ග් ලයි යුන් මහතා මාධ්‍ය හමුවක සඳහන් කළා.

ඇමරිකාව තීරු බදු බාධක පැනවීම හා වෙළඳ වංචනිකත්වයන් සිදු කිරීමට දැඩි ලෙස විරුද්ධ බවද ඔහු එහිදී අවධාරණය කළා.

චීන ආර්ථිකය ශක්තිමත් මූලධර්ම හා ප්‍රබල දරා ගැනීමේ හැකියාවෙන් යුතු වන අතර බාහිර අභියෝගයන්ට මුහුණ දී තම ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ විශ්වාසයෙන් හා හැකියාවෙන් ද පොහොසත් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම බාහිර පරිසරයේ මතුවන වෙනස්කම්වලට ප්‍රතිචාර වශයෙන් චීනය වර්ධනීය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇතැයි ද චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙන්ග් ලයි යුන් මහතා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39