spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු එක්දින තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

මෙම තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථාන නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මීට පෙර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 04ක් පවත්වා ඉන් තරග තුනක ජය ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.

මේ අතර ඇෆ්ගනිස්තාන තරග සංචාරයෙන් හදිසියේ ඉවත් වූ භානුක රාජපක්ෂ වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු සංචිතයට එක්කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?