පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අද (02) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.

ඒ අනුව නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ අතර අද දිනයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මිලාන් රත්නායක හට ජාත්‍යන්තර එක්දින පිටියේ වරම් ද හිමිවුණා.

මිලාන් ව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ 217 වැනි එක්දින වරම් ලැබූ ක්‍රීඩකයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?