පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස දෙකක් ඇතුළත

ඊයේ (18) පැවති 2022 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළා.

ඒ අනුව උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දිනක දී ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඊයේ (18) පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය තුළ සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් පිටත්කර යවා තිබෙනවා.

එමෙන්ම උසස්පෙළ විභාය ජනවාරි 23 වනදා ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?