2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (19) පැවැත්වෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (19) දහවල් 12.30ට ආරම්භවීමට නියමිතයි.
මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මේ දක්වා ජාත්‍යනතර එක්දින තරග දෙකක් පවත්වා ඇති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
මේ අතර එක්දින තරගයක දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අද හමුවන්නේ වසර 15කට පසුවීම ද විශේෂත්වයක්.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අරඹමින් ඊයේ (18) පැවති තරග දෙකේ දී ජය ලැබීමට සත්කාර සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.















