spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පස මිතුරුකම් පසෙකළා මෝදි – ටෘඩෝ හමුවෙලා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඉතාලියේ පැවැත්වෙන ජී 7 සමුළුවට සමගාමීව ඊයේ දිනයේ මෙම රාජ්‍ය නායකයින් දෙදෙනා හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සමයේ ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය සබඳතා පළුදු වීමක් සිදුවුණේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.

පසුගිය වසරේ කැනඩාවේ ඛලිස්තාන් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීමට ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බව ටෘඩෝ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර රාජ්‍ය සබඳතා බිඳ වැටීමක් සිදුවුණා.

ටෘඩෝ අග්‍රාමාත්‍යවරයා එම චෝදනාව එක හෙළාම ප්‍රතික්ෂේප කිරීමටයි ඉන්දියාව එවක දී කටයුතු කළේ.

කෙසේ වෙතත් එම උණුසුම්කාරී තත්ඉතත්වයෙන් පසුව දෙරටේම නායකයින් එකිනෙකා හමු වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?