පසුගිය දින දෙකේ අධිවේගයේ ආදායම කෝටි 10 පනී

පසුගිය 11 සහ 12 යන දින දෙක තුළ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි 10 ඉක්මවා ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා පවසනවා.

ඉදිරි දින කිහිපය දී ද අධිවේගී මාර්ගයේ ආදායම ඉහළ යා හැකි බවයි ඔහු පවසන්නේ.

මේ අතර අධිවේගී මාර්ගයේ ගෙවීම් කටයුතු බැංකු කාඩ්පත් සිදුකිරීමේ අවස්ථාව මැයි 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව
ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල්ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පසුගිය දා පැවසුවා.

එහි නියමු ව්‍යාපෘතිය පසුගිය 10 වනදා ආරම්භ වූ අතර, ඒ අනුව කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී රියදුරන්ට අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?