පස් කන්දට බිලි වූ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනාගේ සිරුරු සොයා ගැනේ

පස් කන්දක් නිවස මතට කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනාගේ මළසිරුර සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද පස්වරුව වන තෙක් ආරක්ෂක අංශ සහ ආපදා මධ්‍යස්ථානයේ ගලවාගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක් ව සිදු කරන ලද දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව මෙම සිරුර හමු වූ බවයි.

මෙම ඛේදවාචකය සිදු වූයේ පෙරේදා රාත්‍රියේ දියි.

බලංගොඩ -ගවරන්හේනේ වැහින්තැන්න ප්‍රදේශයේ පිහිටා තිබූ නිවසක් මතටයි මෙම පස් කන්ද කඩා වැටුණේ.

එහිදී නිවසෙහි රැඳී සිටි එකම පවුලේ පියා, මව සහ දියණියන් දෙදෙනා පස් කන්දට බිලි වුණා.

අද දිනයේ දී සොයා ගැනුණේ ඔවුන්ගේ සිරුරු යි.

මියගියවුන් වයස අවුරුදු 45,40 (මව හා පියා) හා ඔවුන්ගේ දියණියන් දෙදෙනා වයස අවුරුදු 10 හා 16 වියෙහි පසුවන්නන්.

මෙම පස් කන්ද කඩා වැටීමෙන් අසල නිවාස තුනකට ද අලාභ හානි සිදු වූ අතර, ඉන් එක් නිවසක හිර වී සිටි වයෝවෘද්ධ පුද්ගලයෙක් ඊයේ බේරාගැනීමට ද ආරක්ෂක අංශ සමත් වුණා.

මෙලෙස නායගොස් ඇත්තේ බලංගොඩ – බඹරගල කන්දයි.

මේ වනවිටත් එම ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
21
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15