පස් කන්දකට යටවී පුද්ගලයෙක් මියයයි

පේරාදෙණිය බස් නැවතුම්පොළ අසල පස් කන්දක් කඩා වැටීමෙන් වෙළඳසැලක් තුල සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී කොළඹ බස් නැවතුම අසල තිබූ පස් කන්දෙහි කොටසක් පැවති අධික වර්ෂාව හේතුවෙන් නාය යාමට ලක්ව තිබුණා.

ඉන් අසල තිබූ වෙළඳසැල් 4ක් පමණ පස් කන්දට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ස්ථානය අසල කාමරයක් තුළ නවාතැන්ගෙන සිටි පේරාදෙණිය ප්‍රදේශයේම පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පස් කන්ද කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටි එම පුද්ගලයා සොයා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් මෙහෙයුමක් සිදු කෙරුණා.

ඒ අනුවයි අද අලුයම අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ.

මෙම පස් කන්ද කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධාවක් සිදුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22