පස්සර බස් අනතුරින් මවුපියන් අහිමි වූ දරු තිදෙනා අසරණයි

ඉකුත් 20 වැනිදා පස්සර 13 කණුව ප්‍රදේශයේදී අඩි 250ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී සිය මවුපියන් ජීවිතක්ෂයට පත්වීම නිසා ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ අවුරුදු 8,7 සහ 3 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු අසරණ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ලුණුගල අඩාවත්තේ පදිංචිව සිටි අන්තෝනි නෝවා (46) සහ බෙනඩික් මෙරෝනා(31)යන අඹුසැමියන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

දරුවන්ගේ මිත්තණිය වන අයි. සෙල්වනාගයම් පවසන්නේ මේ දරුවන් රැක බලාගැනීම සඳහා කාගේ හෝ උදව් අවශ්‍ය බවයි.

‘පුතා රැකියාවට කළේ වයරින් වැඩ. පුතාගේ ඇහැක ඔපරේෂන් එකක් තිබුණා. ඒකට බදුල්ල ඉස්පිරිතාලෙට යද්දි තනියට ලේලිත් එයත් එක්ක ගියා.

ලේලි යන්න කලින් මට කිව්වා අම්මේ බබාලා හොඳට බලාගන්න. බබාලා නාවලා කෑම කවන්න කියලා.

මම කෑම හද හදා ඉන්දෙද්දී ආරංචි වුණා බස් එක පෙරළිලා පුතයි ලේලියි මැරුණා කියලා.

අනේ දෙයියනේ මේ දරු තුන්දෙනා මාත් එක්කම අසරණ වුණා. අපිට ජීවත්වෙන්න විදිහක් නැහැ.’ එම මිත්තණිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
0
+1
7
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?