ඉකුත් 20 වැනිදා පස්සර 13 කණුව ප්‍රදේශයේදී අඩි 250ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී සිය මවුපියන් ජීවිතක්ෂයට පත්වීම නිසා ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ අවුරුදු 8,7 සහ 3 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු අසරණ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ලුණුගල අඩාවත්තේ පදිංචිව සිටි අන්තෝනි නෝවා (46) සහ බෙනඩික් මෙරෝනා(31)යන අඹුසැමියන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
දරුවන්ගේ මිත්තණිය වන අයි. සෙල්වනාගයම් පවසන්නේ මේ දරුවන් රැක බලාගැනීම සඳහා කාගේ හෝ උදව් අවශ්‍ය බවයි.
‘පුතා රැකියාවට කළේ වයරින් වැඩ. පුතාගේ ඇහැක ඔපරේෂන් එකක් තිබුණා. ඒකට බදුල්ල ඉස්පිරිතාලෙට යද්දි තනියට ලේලිත් එයත් එක්ක ගියා.
ලේලි යන්න කලින් මට කිව්වා අම්මේ බබාලා හොඳට බලාගන්න. බබාලා නාවලා කෑම කවන්න කියලා.
මම කෑම හද හදා ඉන්දෙද්දී ආරංචි වුණා බස් එක පෙරළිලා පුතයි ලේලියි මැරුණා කියලා.
අනේ දෙයියනේ මේ දරු තුන්දෙනා මාත් එක්කම අසරණ වුණා. අපිට ජීවත්වෙන්න විදිහක් නැහැ.’ එම මිත්තණිය වැඩිදුරටත් පැවසීය.

Kohomada help karanna puluvan mata contact karana watsapp no00971552140663