පොඩි ලැසී ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන එයි

අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියාවේ සිට මෙරට රැගෙන විත් තිබෙනවා.

මෙරටින් පිටවත්ව ගිය විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම ඔහුව මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ පොඩි ලැසී මෙරටට රැගෙන ඒමට හැකි වී තිබෙනවා.

2024 වසරේ දෙසැම්බර් 09 වන දින ඇප ලබා ගැනීමෙන් පසුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගිය පොඩි ලැසී, 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවර දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොඩි ලැසී අද (27) අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

මෙසේ රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05