පස්සර අනතුරට හේතුව

අද (20) අලුයම පස්සරදී සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ඒබව සඳහන් කළේය.

“අනතුර සිදුවූ ස්ථානය අසල ඇති හෞතික හා පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේ දී පෙනී යන්නේ රියදුරාට මේ බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නැහැ.  කෙසේවෙතත් මේ බස් රථය සම්බන්ධයෙන් තාක්ෂණික පරික්ෂාවක් මෝටර් වාහන පරික්ෂකවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව සෑම අතින්ම අනතුරක් වළක්වාගැනීම රියදුරාගේ යුතුකම හා වගකීම වෙනවා. රියදුරු අසුනේ එක්තරා පුද්ගලයෙක් හිරවී හිටියා. ඔහු ඒ වන විට මියගොස් තිබුණා. මුලින් පැමිණි වාර්තාවල සඳහන් වුණේ බස් රථයේ රියදුරු මියගොස් ඇති බවට නමුත් මේ වන විට සනාථ වී තිබෙනවා එම රියදුරු අසුනේ සිරවී සිටි පුද්ගලයා රියදුරා නොවන බවත්, රියදුරා අසාධ්‍ය තත්ත්වයෙන් මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත්. තුවාලකරුවන් දැනට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබනවා. “  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09