බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් වාර්තා වනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.