පවුල් සෞඛ්‍ය සේවිකාවන් 600 කට කොරෝනා

පවුල් සෞඛ්‍ය සේවිකාවන් හයසියයකට පමණ මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවත් දිනකට පවුල් සෞඛ්‍ය සේවිකාවන් දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වන බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවැසුවාය.
මෙය ඉතාමත් භයානක හා කනගාටුදායක තත්ත්වයක් බවද උද්ගතව පවතින තත්ත්වයට සෞඛ්‍ය බලධාරීන් සෘජුවම වගකිව යුතු බවත් මහනුවරදී ඊයේ (08දා) මාධ්‍ය හමුවක් පැවැත්වූ සභාපතිනිය සඳහන් කළාය.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද වින විට ඉතාමත් දරුණු ආකාරයෙන් මෙම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයිද මුව ආවරණ , විෂබීජහරණ දියර , අත් වැසුම් සහ ආරක්ෂිත ඇඳුම් , ප්‍රවාහන පහසුකම් තමන්ගේ වියදමින් සපයා ගනිමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් සාමාන්‍ය ජනතාව සමග ගැටෙන බවද දේවිකා කොඩිතුවක්කු කීවාය.

අද වන විට මෙම කොරෝනා රෝගයට ගොදුරු වන සෞඛ්‍ය සේවිකාවන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් පවතිනවා. මේක ඉතාමත්ම කනගාටුදායක හා භයානක තත්ත්වයක්. අපි මේ සම්බන්ධයෙන් දිගෙන් දිගටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළා. නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නෑ. අඩුම වශයෙන් මේ රෝගය වැලඳී ප්‍රතිකාර ගන්නා සෞඛ්‍ය සේවිකාවන්ට නිසි පරිදි ප්‍රතිකාර ලබාගැනීමට හෝ ස්ථානයක් නෑ. ඒ අය ඉතාමත් කනගාටුදායක ආකාරයෙන් රෝහල්වල සිටිනවා. ඇතැම් අයට ඇඳක් හෝ නෑ. මෙට්ටයක හෝ පැදුරක වැතිරි සිටිනවා යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කමල් සුරවීර – මහනුවර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?