පවුල් සෞඛ්‍ය සේවිකාවන් 600 කට කොරෝනා

පවුල් සෞඛ්‍ය සේවිකාවන් හයසියයකට පමණ මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවත් දිනකට පවුල් සෞඛ්‍ය සේවිකාවන් දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වන බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවැසුවාය.
මෙය ඉතාමත් භයානක හා කනගාටුදායක තත්ත්වයක් බවද උද්ගතව පවතින තත්ත්වයට සෞඛ්‍ය බලධාරීන් සෘජුවම වගකිව යුතු බවත් මහනුවරදී ඊයේ (08දා) මාධ්‍ය හමුවක් පැවැත්වූ සභාපතිනිය සඳහන් කළාය.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද වින විට ඉතාමත් දරුණු ආකාරයෙන් මෙම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයිද මුව ආවරණ , විෂබීජහරණ දියර , අත් වැසුම් සහ ආරක්ෂිත ඇඳුම් , ප්‍රවාහන පහසුකම් තමන්ගේ වියදමින් සපයා ගනිමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් සාමාන්‍ය ජනතාව සමග ගැටෙන බවද දේවිකා කොඩිතුවක්කු කීවාය.

අද වන විට මෙම කොරෝනා රෝගයට ගොදුරු වන සෞඛ්‍ය සේවිකාවන්ගේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් පවතිනවා. මේක ඉතාමත්ම කනගාටුදායක හා භයානක තත්ත්වයක්. අපි මේ සම්බන්ධයෙන් දිගෙන් දිගටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළා. නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නෑ. අඩුම වශයෙන් මේ රෝගය වැලඳී ප්‍රතිකාර ගන්නා සෞඛ්‍ය සේවිකාවන්ට නිසි පරිදි ප්‍රතිකාර ලබාගැනීමට හෝ ස්ථානයක් නෑ. ඒ අය ඉතාමත් කනගාටුදායක ආකාරයෙන් රෝහල්වල සිටිනවා. ඇතැම් අයට ඇඳක් හෝ නෑ. මෙට්ටයක හෝ පැදුරක වැතිරි සිටිනවා යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කමල් සුරවීර – මහනුවර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51