පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ස්කූටර් 2,891කට කැබිනට් අනුමැතිය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක අරමුදල් සලසා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය සමඟ මූල්‍ය ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

බෝ නොවන රෝග වැළැක්වීම හා කළමනාකරණය, වැඩිහිටි හා සහන සත්කාර, ප්‍රජා මට්ටමේ සේවාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණය ආශ්‍රිත සෞඛ්‍යමය හදිසි අවස්ථා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ඇතුළු සෞඛ්‍ය සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින්, එම ව්‍යාපෘතිය 2024 සිට 2028 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.

ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය (පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාථමික සත්කාර හෙද නිලධාරින් සහ අධීක්ෂණ කණ්ඩායම්) සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිකම මෙම ව්‍යාපෘතියට අදාළව හඳුනාගත් තීරණාත්මක බාධකයක් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නින්ද ජයතිස්ස සඳහන් කළේ.

එබැවින්, නිවෙස් පාදක සත්කාර සහ ප්‍රජා සම්බන්ධතා ආවරණය පුළුල් කිරීම, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ අධීක්ෂණ කාර්යයන්හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, සායනික අපද්‍රව්‍ය ආරක්ෂිතව සහ නිසි වේලාවට ප්‍රවාහනය කිරීම සහතික කිරීම සඳහා ප්‍රවාහන ධාරිතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය වාහන පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්, ඩබල් කැබ් රථ 26ක්, ආසන 10ක් සහිත වෑන් රථ 05ක්, ආසන 42 සහිත බස් රථ 02ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ස්කූටර් 2,891ක්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් සඳහා ස්කූටර් 200ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350ක්, රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධීශීතකරණ ට්‍රක් රථ 20ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08ක්, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෘෘ කැබ් රථයක්, යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක් සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08
Video thumbnail
ආණ්ඩුවෙන් මට කැබ් දෙන්න ඕනේ නෑ - මම ලීසිං දාලා ගන්නවා
07:32
Video thumbnail
අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවෙන්න ගිය ඩේසි ආච්චි..බලන්නකෝ මූණ පුරා හිනාවක් දාගෙන යන හැටි
01:22
Video thumbnail
සැප වාහන පැත්තකට දාලා ත්‍රීවීල් එකකට බැස්ස අර්චුනා
01:19
Video thumbnail
නිරෝෂන් මාධ්‍ය හමුවෙදිම ගත්ත ඇමතුමෙන් DIGගේ පැටිකිරිය හෙළිවෙයි?බලය නැතිදාට ලෙල්ල නැති කෙහෙල් ගෙඩි
09:16
Video thumbnail
හදවත් සැත්කම් නතර වීමෙන් රෝගී ජීවිත අනතුරේ
05:46
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16


?