පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ස්කූටර් 2,891කට කැබිනට් අනුමැතිය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක අරමුදල් සලසා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය සමඟ මූල්‍ය ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

බෝ නොවන රෝග වැළැක්වීම හා කළමනාකරණය, වැඩිහිටි හා සහන සත්කාර, ප්‍රජා මට්ටමේ සේවාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණය ආශ්‍රිත සෞඛ්‍යමය හදිසි අවස්ථා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ඇතුළු සෞඛ්‍ය සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින්, එම ව්‍යාපෘතිය 2024 සිට 2028 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.

ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය (පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාථමික සත්කාර හෙද නිලධාරින් සහ අධීක්ෂණ කණ්ඩායම්) සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිකම මෙම ව්‍යාපෘතියට අදාළව හඳුනාගත් තීරණාත්මක බාධකයක් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නින්ද ජයතිස්ස සඳහන් කළේ.

එබැවින්, නිවෙස් පාදක සත්කාර සහ ප්‍රජා සම්බන්ධතා ආවරණය පුළුල් කිරීම, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ අධීක්ෂණ කාර්යයන්හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, සායනික අපද්‍රව්‍ය ආරක්ෂිතව සහ නිසි වේලාවට ප්‍රවාහනය කිරීම සහතික කිරීම සඳහා ප්‍රවාහන ධාරිතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය වාහන පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්, ඩබල් කැබ් රථ 26ක්, ආසන 10ක් සහිත වෑන් රථ 05ක්, ආසන 42 සහිත බස් රථ 02ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ස්කූටර් 2,891ක්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් සඳහා ස්කූටර් 200ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350ක්, රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධීශීතකරණ ට්‍රක් රථ 20ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08ක්, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෘෘ කැබ් රථයක්, යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක් සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22