දෑස් නොපෙනෙන පියා සහ තම කුඩා නැඟණිය රැකබලා ගන්නා අපූරු පුතෙකු පිළිබඳව දඹුල්ල – හල්මිල්ලෑව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. 9 වසරේ ඉගෙන ගන්නා නුවන් තිළිණ මීට වසර කිහිපයකට පෙර සිදු වූ අනතුරකින් නුවන්ගේ පියාගේ දෑස් අන්ධ වීමත් සමග නුවන්ගේ මව ඔවුන් හැර ගිහින්
ඉන්පසුව දෑස් අන්ධ පියාගේ සහ කුඩා නැඟණියගේ සියලු වගකීම් පැටවෙන්නේ නුවන්ගේ කරමතයි. අසල්වාසීන්ගෙන් ලැබෙන යම් උපකාරයකින් බඩවියත සරිකරගන්නා මේ පවුලට අඟහිඟකම්වලින් නම් අඩුවක් නෑ. මහමෙරටත් වඩා දැනෙන පවුල් බර ලාබාල වයසේදීම කරට ගනිමින් අධ්‍යාපන කටයුතු වලටද නොඅඩුව අවධානය යොමු කරන තිළිණගේ එකම අධිෂ්ඨානය තම නැඟණියගේ අධ්‍යාපන කටයුතු කෙසේ හෝ සාර්ථක කර ගැනීමයි. මේ සඳහා සංවේදී සිත් ඇත්තවුන්ගේ කුඩා හෝ උපකාරයක් බලාපොරොත්තු වන බව පුංචි තිළිණ පැවසූවේ හැඬූ කඳුලින්.




