AFC Banner
AFC Banner
Empty Ad

පවුල් ආරවුල බිරිඳගේ මරණයෙන් කෙළවර වෙයි

කන්දේනුවර පොලිස් වසමේ හුණුගල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (16) රාත්‍රියේ කාන්තාව ඝාතනය කර තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හුණුගල, ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්.

ඝාතනය සිදුකළ සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවගේ මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දේනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?