පවිත්‍රා වන්නිආරච්චිගේ ලිපියක් බල රහිත කරමින් රිට් ආඥාවක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයින් ඉවත් කරමින් 2020 වසරේ නොවැම්බර් මස 27 වනදා එවක සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළා.

ඉන්පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයා වශයෙන් පත් කළ මහාචාර්ය වජිර දිසානායක සහ එහි සාමාජිකයින් ලෙස මහාචාර්ය බන්දුල විජේසිරිවර්ධන, වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු, වෛද්‍ය වජිර සේනාරත්න සහ මහාචාර්ය ජයලත් ජයවර්ධන යන අය පත්කිරීමට හිටපු අමාත්‍යවරිය ගත් තීරණය ද බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය මහාචාර්ය වජිර දිසානායක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වරයා ලෙස තව දුරටත් කටයුතු කිරීම වළක්වමින් අතුරු ආඥාවක් ද නිකුත් කරනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තමන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කරන ලෙස ඉල්ලමින් එහි හිටපු මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සහ සාමාජිකයින් වන වෛද්‍ය ඩබ්ලිව්. එම්. සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය යූ.එම්.ගුණසේකර, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍ය සුනිල් උභයසිරි විසින් ගොනු කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කළා.

මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී.කරලියද්ද යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති වරයා ඇතුළු සාමාජිකයින් ඉවත් කිරීමේදී වගඋත්තරකාර අමාත්‍යවරිය ද්වේශ සහගත සහ අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

ඉවත් කිරීමට පෙර පෙත්සම්කරුවන් ගෙන් කරුණු විමසීමක් සිදු කිරීමට හෝ ඔවුන්ට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදීමට වග උත්තරකාර අමාත්‍යවරිය කටයුතු කර නොමැති බවත් විනිසුරුවරු නඩු තීන්දුවෙන් චෝදනා කර තිබෙනවා.

ඒ තුළින් අමාත්‍යවරිය ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර තිබෙන බවත් නඩු තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

පෙත්සම්කාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් අභියාචනාධිකරණය හමුවේ කියා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2019 වසරේ ජනවාරි මස 21වන දා වසර පහක කාලයක් සඳහා තමන්ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් වශයෙන් පත්කළ බවයි.

ඉන් අනතුරුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමන්ව ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධී යැයි තීන්දු කොට එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07