පවතින කඩදාසි හිඟයට පිළියමක්

පවතින කඩදාසි හිඟයට පිළියමක් ලෙස ඉදිරියේදී මෙරට නව කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ වාලච්චේන කඩදාසි කම්හල වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වන බවයි. රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් කඩදාසි නිපදවීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීමට බාධක එල්ල වුණා.

ඒ තත්ත්වය මත මෙරට පාසල් සහ උසස් අධ්‍යාපන විභාග පවා කල් දැමීමටයි තීරණය කෙරුණේ. ඒ ප්‍රශ්න පත්‍රය මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන්.