පවක් ගැන බණක් දෙසූ නිසා හිමිනම මැරූ පාපතරයින් හසුවූ හැටි

වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණන්ට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට ඍජුවම සම්බන්ධ තරුණයින් 5 දෙනා ද මොවුන් පිරිස අතර සිටින බව සඳහන්.

අනෙක් තිදෙනා මෙම ඝාතනයට අනුබල දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

වැලිගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඞී. එම්. අබේසේකරගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ධර්මවර්ධන, ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මොවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සහභාගී වූවා. 

පහරකෑමකට ලක්ව රෝහල් ගත කර සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණෝ අපවත් වූයේ පසුගිය 16 වැනි දා යි.

ඒ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී

පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දේවානන්ද ස්වාමීන්වහන්සේට පහර දී තිබූ අතර ඉන් ලද තුවාළ හමුවේ උන්වහන්සේ රෝහල්ගත කර තිබුණා.

අපවත්වන විට උන්වහන්සේ 89 වැනි වියේ පසු වුණා.

ධර්ම කරුණක් ගෙන හැර පාමින් ස්වාමීන්වහන්සේ ලබා දුන් උපදෙසක් සම්බන්ධයෙන් කෝපයට පත් වී ඔවුන් මෙම පහරදීම සිදු කර ඇති බව පැවසෙනවා.

කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය ආසන්නයෙන් ගලා බසින ඇල මාර්ගයේ පසුදිය දා තරුණයෙකු මසුන් අල්ලමින් සිට තිබෙනවා.

එය දුටු දේවානන්ද ස්වාමීන්වහන්සේ එම ස්ථානයට පැමිණ ඔහුට උපදෙස් ලබා දී ඇත්තේ සත්ත්ව ඝාතනයෙන් සිදුවන අකුසල් පිළිබඳ පැහැදිළි කරමින්.

ස්වාමීන්වහන්සේගේ වදනින් කෝපයට පත්ව ඇති තරුණයා පසුව ඔහුගේ මිතුරන්වන තවත් තරුණයින් සිව්දෙනෙකු ද කැඳවාගෙන විහාරස්ථානයට පැමිණ ඇති අතර විහාරස්ථානය තුළ දීම දේවානන්ද ස්වාමීන්වහන්සේට දැඩි ලෙස පහර දී තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක් වූ උන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි අපවත්වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22