පල්ලියෙන් හමුවූ බෝම්බය ගැන සිසුවාගෙන් උසාවියට රහස් ප්‍රකාශයක්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ පිපිරීමට සකස් කරන ලද අත්බෝම්බය සම්බන්ධයෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ ඊයේ (12 වැනිදා) රහස් ප්‍රකාශයක් ලබාදුන්නේය.

අදාළ දරුවා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඊයේ දහවල් ඉදිරිපත් කළ අවස්ථාවේදී එම රහස් ප්‍රකාශය මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ලබාදුන්නේය.

අදාළ දේවස්ථානයේ යම් යම් කටයුතු සඳහා පැමිණෙන එම දරුවා ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළ බවත්, දරුවා ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට කැමැත්ත පළකර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අධිකරණය වෙත දන්වා සිටියේය.ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය ප්‍රකාරව, අදාළ දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නාය.

මෙම අත්බෝම්බ සිද්ධියට අදාළව එම පල්ලියේ තිදෙනකු සහ බාහිර පුද්ගලයකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි දන්වා සිටි පොලිසිය, ඔවුන් අද (13 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද දන්වා සිටියේය.

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ කතෝලික දේවස්ථානයේදී පෙරේදා (11 වැනිදා) ජීව අත් බෝම්බයක් පිපිරවීමට සැලැස්වීමේ සිද්ධියට අදාළව එම දේවස්ථානයේ පියතුමන්ද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුවන බව බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ පවතින බවත්, අන්තවාදී ක්‍රියාවන් තවදුරටත් සිදුවන බවත් හුවා දැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇතැයි සිදුකරන ලද මූලික විමර්ශන මගින් හෙළිකරගෙන ඇත.

මෙම දේවස්ථානයේදී සොයාගත් ජීව අත් බෝම්බය මෙම දේවස්ථානයේ මාස නවයක කාලයක් රැඳී සිටිමින් සේවය කරන මරදාන ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයකු විසින් බෑගයක දමාගෙන එන ආකාරයත්, එම දේවස්ථානයේම රැඳී සිටින 13 හැවිරිදි දරුවකු යොදවා බෝම්බය රඳවන ආකාරයත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

දේවස්ථානයේ සුරුවමක් තුළ රබර් පටි, හඳුන්කූරු, ගිනිකූරු, සෙලෝටේප් යොදා සූක්ෂම ලෙස මෙම බෝම්බය ගිනි ගැන්වීමක් කර පිපිරවීමක් සිදුකර ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මෙම දේවස්ථානයේ ​බෝම්බයක් ඇතැයි කියමින් දේව මෙහෙය නවතන ලෙස පියනමකගෙන් ඉල්ලා සිටියත්, පියතුමන් දේව මෙහෙය නැවතීමට හෝ බියගැන්වීමකට ලක්නොවූ බවත් ඒ සඳහා සහභාගීව සිටි බැතිමතුන්ද එම ස්ථානයෙන් ඉවත් නොවූ බවත් උසස් පොලිස් නිලධාරියකු කීවේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයන් විමර්ශනයට ලක්කිරීමේදී පියතුමන් අනවශ්‍ය අන්දමින් පරීක්ෂණ නොමග යැවීමට උත්සාහ දරන බවත්, ඔහු සහ සංවිධානාත්මක පිරිසගේ දැනුවත්වීම මත මෙය සිදුව ඇතැයි සැකකරන බවත් ඔහු කීවේය.

මේ වනවිට සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයද මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකර සිටියි.

පියතුමා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13