AFC Banner
Empty Ad
Empty Ad

පලමු තරගය කොදෙව්වන්ට පහසු ජයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය පහසු ජයක් ලබන්නට කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙම තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්. 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ICC සුපර් ලීග් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ද මෙයයි

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ශ්‍රී ලංකා ඉනිම නිමා වුණේ පන්දුවාර 49ක් තුළ සියල්ලන් දැවී ලකුණු 232ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 61 දී ලකුණු 55 රැස් කළා. එක්දින වරම් හිමිකරගත් අශේන් බණ්ඩාර අර්ධ ශතකයක් රැස් කලා.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්ක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 47කදී කඩුලු 02ක් දැවී පසුකර ගියා. දැවී ගිය කොදෙව් කඩුලු දෙකටම හිම්කම් කිවේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. කොදෙව් ආරම්භක පිතිකරු ෂායි හෝප්ස් ලකුණු 110ක් රැස්කළ අතර එවින් ලුවිස් ලකුණු 65ක් රැස් කල අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පෙරමුණු ගන්නට කොදෙව්වන් ඊයේ සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?