හැටන් නගරයේ මත්ස්‍ය වෙළෙඳසැලකින් ඉවත් කරන අපද්‍රව්‍ය පැරණි හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හැරි ලොරි රථයක් රියදුරු සහ රිය සහායකයා අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර එම චූදිතයින් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් අපූරු දඬුවමක් නිකුත් කරනු ලැබුවා.
ඒ අදාළ චූදිතයින් ම යොදා ගෙන හැටන් – දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ අපද්‍රව්‍ය බැහැර කළ ස්ථානය ඔවුන් විසින් ම සුද්ද පවිත්‍ර කළ යුතු බවට නියෝග කරමින්.
මෙම නියෝගය හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා විසින් ලබාදෙනු ලැබුවා.
එමෙන්ම චූදිතයින් දෙදෙනා අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරි රථය බැඳුම්කරයක් මත මුදා හැරීමට අධිකරණය නියම කළා.
හැටන් – දික්ඔය නගර සභා සීමාවේ අවිධිමත් ලෙස මෙවැනි ආකාරයට කැළිකසළ බැහැර කරන පුද්ගලයන් සහ බුලත් කෙළ ගසන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.