පන්සල ඉදිරිපිට බුදු මැදුරේ කිරිකැටියා දමාගිය මව අල්ලයි

වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුවමාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේ බුදු පිළිමය යට කුඩා බිළිඳෙකු දමාගිය සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක තැනැත්තියක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී පවසා ඇත්තේ තමන් විවාහක කාන්තාවක්
බවත්, දරු දෙදෙනකු සිටින බවත් මෑතකදී උපන් මෙම බිළිඳාගේ පීතෘත්වය සැමියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලකිරීමට පත්ව එලෙස දරුවා දමා ගිය බවයි.

මඟ දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරීක්ෂා කිරීමෙන් පසු සැකකාර මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වත්තේගම පොලීසිය සඳහන් කළේ.

බුදු පිළිමය යට දමාගොස් සිටිය දී සොයාගත් දින පහක් වයසැති බිළිඳා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට අවශ්‍යපහසුකම් එහි නොමැතිවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දරුවාගේ මව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
4
+1
31
+1
7
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39