පන්සල ඉදිරිපිට බුදු මැදුරේ කිරිකැටියා දමාගිය මව අල්ලයි

වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුවමාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේ බුදු පිළිමය යට කුඩා බිළිඳෙකු දමාගිය සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක තැනැත්තියක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී පවසා ඇත්තේ තමන් විවාහක කාන්තාවක්
බවත්, දරු දෙදෙනකු සිටින බවත් මෑතකදී උපන් මෙම බිළිඳාගේ පීතෘත්වය සැමියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලකිරීමට පත්ව එලෙස දරුවා දමා ගිය බවයි.

මඟ දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරීක්ෂා කිරීමෙන් පසු සැකකාර මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වත්තේගම පොලීසිය සඳහන් කළේ.

බුදු පිළිමය යට දමාගොස් සිටිය දී සොයාගත් දින පහක් වයසැති බිළිඳා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට අවශ්‍යපහසුකම් එහි නොමැතිවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දරුවාගේ මව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00