පන්දුවාර 07කට සීමා වුණ පළමු T20 ජය කැන්ගරුවන්ට

තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පාකිස්තානය පරදා ජය ගන්නට සත්කාරක ඔස්ට්‍රෙලියාව සමත් වුණා.

අද (14) තරගයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 07කට තරගය සීමා කිරීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

බ්‍රිස්බේන් නුවර දී පැවැත්වුණ මෙම තරගයේ පන්දුවාර 07ක් අවසානයේ දී ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 93ක් ලබා ගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 19ක දී ලකුණු 43ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් එල්ල කරමින්.

මාර්කස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 21ක් රැස් කළේ පන්දු 07කටයි.

කඩුලු බිඳ දැමීමේ දී පාකිස්තානය වෙනුවෙන් අබ්බාස් අෆ්‍රිඩි කඩුලු 02ක් සහ හාරිස් රවුෆ්, නසීම් ෂා එක් ව කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

පන්දුවාර 07ක දී ජයග්‍රහණයට ලකුණු 94ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 07 අවසානයේ දී කඩුලු 07ක් දැවී රැස් කළේ ලකුණු 64ක් පමණයි.

නෙතන් එලියස් ලකුණු 09කට කඩුලු 03ක් සහ ශේවියර් බාර්ටලට් කඩුලු 03ක් ද බිඳ හෙලුවා.

සම්පා කඩුලු 02ක් සහ ජොන්සන් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය මැක්ස්වෙල් විසින් දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?