පන්දුවාර 07කට සීමා වුණ පළමු T20 ජය කැන්ගරුවන්ට

තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පාකිස්තානය පරදා ජය ගන්නට සත්කාරක ඔස්ට්‍රෙලියාව සමත් වුණා.

අද (14) තරගයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 07කට තරගය සීමා කිරීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

බ්‍රිස්බේන් නුවර දී පැවැත්වුණ මෙම තරගයේ පන්දුවාර 07ක් අවසානයේ දී ඔස්ට්‍රෙලියා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 93ක් ලබා ගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 19ක දී ලකුණු 43ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් එල්ල කරමින්.

මාර්කස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 21ක් රැස් කළේ පන්දු 07කටයි.

කඩුලු බිඳ දැමීමේ දී පාකිස්තානය වෙනුවෙන් අබ්බාස් අෆ්‍රිඩි කඩුලු 02ක් සහ හාරිස් රවුෆ්, නසීම් ෂා එක් ව කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

පන්දුවාර 07ක දී ජයග්‍රහණයට ලකුණු 94ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 07 අවසානයේ දී කඩුලු 07ක් දැවී රැස් කළේ ලකුණු 64ක් පමණයි.

නෙතන් එලියස් ලකුණු 09කට කඩුලු 03ක් සහ ශේවියර් බාර්ටලට් කඩුලු 03ක් ද බිඳ හෙලුවා.

සම්පා කඩුලු 02ක් සහ ජොන්සන් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය මැක්ස්වෙල් විසින් දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?