පන්දහස ගන්න නම් ගුරුවරුන් කළ යුතු දේ

ගුරුවරුන්ට රුපියල් පන්දහසේ දිරි දීමනාව ලබා ගැනීම සඳහා ඉටු කළ යුතු වගකීම් පහළොවක් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබීය.

මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින් සිසුන්ගේ ඉගැන්වීම් හා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග සඳහා අයැදුම්පත් යොමු කිරීමට අදාළ කටයුතු, පාසල්වල ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම, රාජකාරි අවශ්‍යතා මත පවත්වන රැස්වීම්වලට සහභාගි වීම, නව ජාතික පාසල් ව්‍යාපෘතිය හා සම්බන්ධ කටයුතු, ළමා මිතුරු පාසල් හා එන්නත්කරණ යන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය දීම, පෙළපොත් බෙදා හැරීමේ කටයුතු ඇතුළු වගකීම් පහළොවක් එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

විදුහල්පතිවරුන්ගේ රාජකාරී සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අදාළ දීමනාව ගෙවීමට කටයුතු කළ යුතු බවත් එහි සඳහන්ව ඇත.

දිරිදීමනාව සඳහා හිමිකම් ලබන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ගෙවීම් කිරීමේ බලය පවරා ඇත්තේ කලාප අධ්‍යක්ෂවරුන්ටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?