පන්දහසේ හොර නෝට්ටු මිටියක් එක්ක තුනක් මාට්ටු

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අක්කරපත්තුව පොලිස් වසමේ පාලමුණේ පොලිස් මාර්ග බාධකයේ දී ඊයේ (19) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10ක් සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කලවංචිකුඩි සහ චෙන්කලඩි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවුරුදු 34, 43 සහ 46 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්කරපත්තුව පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුත්ගු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?