AFC Banner
Empty Ad
Empty Ad

පන්ති යන බව කියා පෙම් කරන්න ගිය 75ක් පොලිසියට (වීඩියෝ)

කළුතර කැලිඩෝ වෙරළ තීරයේ අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් ඇතුළු ඇතුළු යුවළ 35ක් දකුණු කළුතර පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු පැමිණිලි අනුව කළුතර නගරය හා අවට ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී යි කැලිඩෝ වෙරළ තීරයේ අශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් ඇතුළු 75 දෙනෙකු පමණ මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් බොහෝ පිරිසක් කළුතර සහ ඒ අවට ගම්වල පදිංචිකරුවන් වන අතර ඇතැමුන් උපකාරක පන්තිවලට සහභාගී වන මුවාවෙන් නිවෙස්වලින් පැමිණ මෙලෙස කැලිඩෝ වෙරළ තීරයේ සිට තිබෙනවා.

දකුණු කළුතර පොලිසිය භාරයට ගත් සියලු දෙනා දැඩි ලෙස අවවාද කිරීමන් පසුව මුදා හැරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
20
+1
3
+1
0
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?