පන්තිය, කුලය නිසා රටේ ඉතිහාසය පවා වෙනස් වුණ තීන්දු ගෙන තියෙනවා – අගමැතිනිය

මෙරට තුළ පන්තිය භේදය, කුලය, භාෂාව, ආගම යන ඉතා කුඩා සාධක මත සහ දෙදෙනකු අතර පවතින හිතවත්කම මත රටේ දේශපාලන ඉතිහාසය පවා වෙනස් වන තීන්දු තීරණ සංවර්ධන දිශානතිය වෙනස් කරමින් ගෙන ඇති බවට අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (13) දින දිලීප විතාරණ මහතා විසින් රචිත Negotiating power & Constructing the nation- Engineering in Sri Lanka කෘතිය, ශ්‍යාමා බස්නායක විසින් ‘බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැගිම’ නමින් සිංහලට පරිවර්තනය කරන ලද එම කෘතිය එළිදැක්වීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය;

‘මෙම කෘතිය ශ්‍යාමා බස්නායක විසින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට දායක වී තිබෙනවා. කෘතියේ තිබෙන තවත් වැදගත් ම දෙයක් තමයි ඉහත සඳහන් කළ ඉතා ම කුඩා සාධක මත අපේ අධ්‍යාපනයට පවා සිදුවෙලා තිබෙන දේ. කන්නන්ගර මැතිතුමාව ඇගයීමට ලක් නොකිරීම ගැන කියවනකොට තේරෙනවා නිදහස් අධ්‍යාපනය දියාරු වෙන්න ඇරියා කියලා. ඉතා ම පුංචි සහ වැදගත් නොවන සාධකවලින් තමයි ඉතිහාසය පිළිබඳ ඇතැම් දේශපාලන තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ. කොහොම වුණත් පරිවර්තනය කියන්නෙත් ඉතා ම දුෂ්කර කටයුත්තක්. ඒක හුදෙක් අකුරු සහ වචන අතර ගනුදෙනුවක් නොවෙයි. එය සංස්කෘතීන් අතර වගේ ම කර්තෘ සහ පරිවර්තකයා අතර ද ගනුදෙනුවක්..‘ යනුවෙන්.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40