පන්තිය, කුලය නිසා රටේ ඉතිහාසය පවා වෙනස් වුණ තීන්දු ගෙන තියෙනවා – අගමැතිනිය

මෙරට තුළ පන්තිය භේදය, කුලය, භාෂාව, ආගම යන ඉතා කුඩා සාධක මත සහ දෙදෙනකු අතර පවතින හිතවත්කම මත රටේ දේශපාලන ඉතිහාසය පවා වෙනස් වන තීන්දු තීරණ සංවර්ධන දිශානතිය වෙනස් කරමින් ගෙන ඇති බවට අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (13) දින දිලීප විතාරණ මහතා විසින් රචිත Negotiating power & Constructing the nation- Engineering in Sri Lanka කෘතිය, ශ්‍යාමා බස්නායක විසින් ‘බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැගිම’ නමින් සිංහලට පරිවර්තනය කරන ලද එම කෘතිය එළිදැක්වීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය;

‘මෙම කෘතිය ශ්‍යාමා බස්නායක විසින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට දායක වී තිබෙනවා. කෘතියේ තිබෙන තවත් වැදගත් ම දෙයක් තමයි ඉහත සඳහන් කළ ඉතා ම කුඩා සාධක මත අපේ අධ්‍යාපනයට පවා සිදුවෙලා තිබෙන දේ. කන්නන්ගර මැතිතුමාව ඇගයීමට ලක් නොකිරීම ගැන කියවනකොට තේරෙනවා නිදහස් අධ්‍යාපනය දියාරු වෙන්න ඇරියා කියලා. ඉතා ම පුංචි සහ වැදගත් නොවන සාධකවලින් තමයි ඉතිහාසය පිළිබඳ ඇතැම් දේශපාලන තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ. කොහොම වුණත් පරිවර්තනය කියන්නෙත් ඉතා ම දුෂ්කර කටයුත්තක්. ඒක හුදෙක් අකුරු සහ වචන අතර ගනුදෙනුවක් නොවෙයි. එය සංස්කෘතීන් අතර වගේ ම කර්තෘ සහ පරිවර්තකයා අතර ද ගනුදෙනුවක්..‘ යනුවෙන්.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?